බුදු බණ කිව්වාත් නිරන්තරේ.. Lyrics
බුදු බණ කිව්වාත් නිරන්තරේ..
බුදු බණ ඇසුවාත් නිරන්තරේ...
ගතිගුණ අතින් අපි තවමාත්
වනන්තරේ.. වනන්තරේ..
බුදු බණ කිව්වාත් නිරන්තරේ..
බුදු බණ ඇසුවාත් නිරන්තරේ...
ගතිගුණ අතින් අපි තවමාත්
වනන්තරේ.... වනන්තරේ..
බෝසත් ගතිගුණ පිහිටාන්නේ නැති
ගතියක් අපි හට ඇතිවද මන්දා
මේ තරමට බුදු බණ අහනා රට
දින දින පිරිහෙන කරුමය මන්දා
බුදු බණ කිව්වාත් නිරන්තරේ..
බුදු බණ ඇසුවාත් නිරන්තරේ...
ගතිගුණ අතින් අපි තවමාත්
වනන්තරේ... වනන්තරේ..
සිරිත් විරිත් යහ ගුණෙන් පිරි ගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉරහඳ යට හිනැහෙන දවසක්
යළි කවදාවත් නේවිද මන්දා
බුදු බණ කිව්වාත් නිරන්තරේ..
බුදු බණ ඇසුවාත් නිරන්තරේ...
ගතිගුණ අතින් අපි තවමාත්
වනන්තරේ... වනන්තරේ..