බුදු පියාණනේ...

Budu Piyanane

somathilaka jayamaha
බුදු පියාණනේ... Lyrics

බුදු පියාණනේ..

ඔබේ පාද කරනෙමි  පිණිපා..

පියෙන්‌ පියට මිහිකත සනහා..
බැලු බැලු නෙත්‌ සිත්‌ බඳවා..
දහම්‌ අමාවෙන්‌ තිලොව තෙමූ..
බුදු පියාණනේ..
ඔබේ පාද කරනෙමි  පිණිපා..
බුදු පියාණනේ..
ඔබේ පාද කරනෙමි  පිණිපා..

සසර සයුරකට නෞකාවයි..
නිමල අමිල නෙත්‌ සිලිලාරයි..
ලොවේ අනගි ගුණදම් මුහුදයි..
බුදු පියා මගේ..
භවේ අඳුර නැසු මිණි පහනයි..
බුදු පියා මගේ..
භවේ අඳුර නැසු මිණි පහනයි..

හිමියෙනි ඔබෙ මොක්‌ මග හමුවේ..
හැදෙමි බැඳෙමි වැහැවෙමි නිබඳේ..
තිලෝව තිලක සම්බුදු සමිඳේ..
මම දිවා රැයේ..
ගිලී නහමි මියකැන්‌ දහරෙ..
මම දිවා රැයේ..
ගිලී නහමි මියකැන්‌ දහරෙ...

Video thumbnail