Budune jesune allah deviyane

Budune jesune allah deviyane

Bachi Susan
Budune jesune allah deviyane Lyrics

බුදුනේ.. ජේසුනේ..අල්ලහ්...(අල්ලාහ්...) දෙවියනේ...
හා

සාමේ හඬ සුන්ව ගියා.. එදා තිබූ මුවේ සිනා
අද කොහෙදෝ පාවෙලා ගිහින්‌..
කඳුළු ගඟක්‌ ගලා ගියා.. ගස්වැල්‌ සැම සුන්‌ කරදා
යුධ ගිනිදැල්‌ ඇවිලිලා යමී..

බුදුනේ.. ජේසුනේ.. ඔබතුමාණනේ
ඇයි මේ දෙස නොබලා ඉන්නේ..
අල්ලාහ්‌.. දෙවියනේ... ඔබ එදා නොවේ
අද දවසේ.. ඉන්නට.. තිබුණේ..

හා......

වාද වෙවී අසමගි වී.. භේද භින්න වී සැමදෙන
විනාශ වී මුළු ලොව නැසුණා..
රුක්‌ දෙවිඳුන්‌ අද නැතිවා.. කැලේ සතුන්‌ සැම නැසුවා
මිහිකත ගිනි වැදී සුන්වුණා..

බුදුනේ.. ජේසුනේ.. ඔබතුමාණනේ
ඇයි මේ දෙස නොබලා ඉන්නේ...
අල්ලාහ්‌.. දෙවියනේ.. ඔබ එදා නොවේ
අද දවසේ.. ඉන්නට.. තිබුණේ..

අනාගතේ සුන්වීලා.. අනාථයෝ බිහිවීලා
පරාද වී අප සැම නැසුණා..
මිනිස්‌ ගුණේ සැංගීලා.. අගාධයේ ඇද වැටිලා
හිරු තැවිලා මුළ ලොව නැසුණා..

බුදුනේ.. ජේසුනේ.. ඔබතුමාණනේ
ඇයි මේ දෙස නොබලා ඉන්නේ..
අල්ලාහ්‌.. දෙවියනේ... ඔබ එදා නොවේ...
අද දවසේ.. ඉන්නට.. තිබුණේ..

යුධ ගිනි දැල්‌ නිම වීලා.. සාමයේ මල්‌ පිබිදීලා
බිහිවේචා සොඳුරු හෙට දිනේ..
එකමුතු වී සමගි වෙවි.. ජාති භේද සුන්‌ කරමින්‌
එකම මවගේ දරුවන්‌ විලසේ..

ආශා.. සුන්‌ නොවී.. අප හැමෝගේම
දුක්‌ දොම්නස්‌ නිමා වුණාවේ..
බුදුනේ.. ජේසුනේ.. අල්ලා දෙවියනි
අප ලොව වෙත යළිදු එනු මැනේ..

බුදුනේ.. ජේසුනේ.. අල්ලා දෙවියනි
අප ලොව වෙත යළිදු එනු මැනේ..
අල්ලාහ්‌.. දෙවියනේ... ඔබ එදා නොවේ...
අද දවසේ.. ඉන්නට.. තිබුණේ...

Video thumbnail