ඇස් කොනින් නුරා බැලුම් Lyrics
ඇස් කොනින් නුරා බැලුම්
දෙතොල් අගින් සිනා කැලුම්
මන්දහාස මුවග වෑහෙනා
නින්ද නේන හේතු සෑදෙනා //
ළමැද යහනේ හිස තියා
හිඳිමි දෙවුරේ අත තියා
සුරගනියේ ලං ලංවෙනා
හිසම පිරිමැද සනසනා
සුවයටම නතු වෙමි සිතා
ස්නේහ වර්ශාවෝ ඉතිරුනා
නුඹ්ම වේ මා රාජිනි
සංසාර ගමනේ හා බැඳි
නිම් නොවූ ස්නේහයේ නොයා
ඇස් කොනින් නුරා බැලුම්
දෙතොල් අගින් සිනා කැලුම්
මන්දහාස මුවග වෑහෙනා
නින්ද නේන හේතු සෑදෙනා
උදුල සඳවත දැක නිති
පියුනුපුල නොබලා ඉමි
චාරුදේවි මා සනසනා
සිහින හැම ඔබ හා බැඳි
ලොවම ඔබ ගැන හා වෙලි
ආල සන්තානේ ඉතිරෙනා
හිමිවෙමි මා ආදරෙන්
සංසාර ගමනේ ආ බැඳි
නිම්නොවූ ස්නේහයේ නොයා
ඇස් කොනින් නුරා බැලුම්
දෙතොල් අගින් සිනා කැලුම්
මන්දහාස මුවග වෑහෙනා
නින්ද නේන හේතු සෑදෙනා