චංචල වී.. හැඟුම් රැයක් ගානේ
කඳුළැල්.. දෙනවා.. මයි හඳපානේ
පායා දියවි.. යන දේදුන්නේ
දියවී යනවා.. ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ
වෙන්වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ..
මායාවක්මයි ආදරේ..
චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ..
කඳුළට ඇයි අඬ ගසන්නේ හඳපානේ...
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ..
දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ..
ඔබ කී ලෙසටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ..
මායාවක්මයි ආදරේ..
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
පැන සීමාවන් රස බලද්දි ආදරේ..
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ..
පැන සීමාවන් රස බලද්දි ආදරේ..
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ..
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ..
මායාවක්මයි ආදරේ..
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ..
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ..
දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ..
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ..
ඔබ කී ලෙසටම ආයේ
පාලුව ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ..
මායාවක්මයි ආදරේ...