Daiwayogayakin Nowedo Lyrics
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ..
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ..
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ. .
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ. .
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි..
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ..
නදුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ..
නදුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ..
සොම්නසේ ආනන්දයේ..
හසරැල් තරංගේ උල්පතයි..
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ..