දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් Lyrics
දකින විට පන්සලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා..
හදේ නැති භක්තියක් වන පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා..
ගැබිණි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට
කවුළුවෙන් අනන්තය සොයනවා...
අතෙහි රැඳි පොතපතෙ හි එකම පේළිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා..
දකින විට පන්සලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා..
හදේ නැති භක්තියක් වන පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා..
වාරු නැති මහලු වත නෙතෙහි ගැටෙතැයි බියෙන්
දෙනෙත් යුග නිදිකිරා වැටෙනවා..
ලොවේ ඇති දහසකුත් ගැටලු සිහියට නගා
අහස බිම ගැටලන්න හදනවා...
දකින විට පන්සලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා..
හදේ නැති භක්තියක් වන පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා...