මිනිහා වෙතින් මිනිහා වෙන් කරන උසින්..
බැඳ ඇත පවුරු පදනම් කිසි කෙනෙකු විසින්..
එවා කඩා බිඳගෙන එහි පිරුණු පසින්..
පාලම බැඳෙනු ඇත දවසක උතුරුදෙසින්..
{සාගර පලන්සූරියන්ගේ උතුරෙන් කාව්‍ය නිරිමාණයෙන්}
දකුණේ දරුවන් හිනැහෙන දවසක
හිනැහෙමු අපි ලංකා..
උතුරේ දරුවන් හිනැහෙන දවසක
හිනැහෙමු අපි ලංකා..
දකුණත් උතුරත් අත්වැල් බැඳගත්
දවසක අපි ලංකා..
රටේම දරුවන් සමගින් සතුටින්
හිනැහෙමු අපි ලංකා..
තල් රුප්පා යට යාපා පටුනේ
මිහිදන් වියයුතු නැත දරුවන්..
උතුරේ හෝ.. දකුණේ දරුවන්..
උතුරේ හෝ දකුණේ දරුවන්..
ලේ ගංගා මත උන් සැතපෙන සඳ
බලව් සිනාසෙන සැටි සතුරන්
උතුරේ හා.. දකුණේ සතුරන්
උතුරේ හා දකුණේ සතුරන්
දකුණේ දරුවන් හිනැහෙන දවසක
හිනැහෙමු අපි ලංකා..
උතුරේ දරුවන් හිනැහෙන දවසක
හිනැහෙමු අපි ලංකා..
දකුණත් උතුරත් අත්වැල් බැඳගත්
දවසක අපි ලංකා..
රටේම දරුවන් සමගින් සතුටින්
හිනැහෙමු අපි ලංකා..
රණබිම යුධ වැද.. දිවි පුද දෙන්නේ
කොහොෆලින් ඇන රිදවු දරුවන්..
එක රෑනේ.. පවුලේ සගයන්
එක රෑනක පවුලක සගයන්..
දහසක් පණ නල සුළඟට මුසු වුව
උන් හඳුනාගෙන නැත සතුරන්
උතුරේ හා.. දකුණේ සතුරන්
උතුරේ හා දකුණේ සතුරන්
දකුණේ දරුවන් හිනැහෙන දවසක
හිනැහෙමු අපි ලංකා..
උතුරේ දරුවන් හිනැහෙන දවසක
හිනැහෙමු අපි ලංකා..
දකුණත් උතුරත් අත්වැල් බැඳගත්
දවසක අපි ලංකා..
රටේම දරුවන් සමගින් සතුටින්
හිනැහෙමු අපි ලංකා..
හිනැහෙමු අපි ලංකා..
හිනැහෙමු අපි ලංකා...