dan-denawa-samahara-aya

Dan Denawa Samahara Aya

upali kannangara
dan-denawa-samahara-aya Lyrics

දන් දෙනවා සමහර අය.. අනේපිඩු සිටාණන් වගේ
හිතේ කිසිම සර්දාවක්‌ නෑ..
සිල්‌ ගන්නවා තව සමහරු.. නිවන්‌ ළඟ වගේ හිතාන
සිල්‌ රෙදි වගේ හිත්‌ පිරිසිඳු නෑ..

බණ අහනවා සමහර අය.. රහත්‌ වෙලා වගෙ ඉඳගෙන
හිතට ගන්න කිසිම දෙයක්‌ නෑ..
පුරාජේරුවට ලෝකෙට.. පෙනෙන්ට පින්කම්‌ කළාට
සංසාරෙන්‌ එතෙර වෙන්නේ නෑ..

පෝය දාට පන්සල්‌ යන
සමහර අය පන්සිල්‌ ගෙන
තම සෙරෙප්පු අමතක කොට
හොඳ සෙරෙප්පු දාගෙන යන්නේ..

පාට පාට විච්චූරන
විලාසිතාවන්‌ ඇඳගෙන
ඒවා පෙන්නන්න වගෙයි
සමහර අය පන්සල්‌ එන්නේ..

සත ගණනක්‌ දන්‌ දීලා
දෙයියෝ බුදුන්‌ සිහිකරලා
ඒ පින උරගා බලන්න
සමහරු ලොතරැයි හූරන්නේ..

බණ පොත්‌ වනපොත්‌ කර කර
නවගුණ වැල ගෙන ගැන ගැන
හොරැහින්‌ වටපිට බල බල
සමහර අය බවුන්‌ වඩන්නේ..

සුරා මේරේ සිල්පදයත්
සමාදන්‌ වෙලා සමහරු
මද පමණත්‌ කේමවලයි
තැබෑරුමෙන්‌ එළියට එන්නේ..

උප්පැන්නේ බුද්ධාගම
කියාලා ලියලා නිබුණත්‌
බුදුන්‌ දෙසූ ධර්මය ගැන
කීයෙන්‌ කී දෙනාද දන්නේ..

සංසාරෙන්‌ එතෙර වෙන්න
හිතනවා නම්‌ හැබෑවටම
බුදුන්‌ දෙසූ මග මිස වෙන
මගක්‌ මෙතුන්‌ ලෝකෙම නෑනේ..

නිසිලෙස ධර්මය දැනගෙන
ඒ ලෙස පීවත්‌ වන අය
සංසාරේ දුක්‌ දුරු කොට
නිවනින්‌ සැනසීම ලබන්නේ..

සැබෑවටම සිල්වත්‌ අය
නැතිව නොවෙයි නොපෙනුනාට
ඒ සිල්වත්‌ අයට අපිත්‌
මෙහෙම නමස්කාර කරන්නේ..

දන් දෙනවා සමහර අය.. අනේපිඩු සිටාණන් වගේ
හිතේ කිසිම සර්දාවක්‌ නෑ..
සිල්‌ ගන්නවා තව සමහරු.. නිවන්‌ ළඟ වගේ හිතාන
සිල්‌ රෙදි වගේ හිත්‌ පිරිසිඳු නෑ..

බණ අහනවා සමහර අය.. රහත්‌ වෙලා වගෙ ඉඳගෙන
හිතට ගන්න කිසිම දෙයක්‌ නෑ..
පුරාජේරුවට ලෝකෙට..පෙනෙන්ට පින්කම්‌ කළාට
සංසාරෙන්‌ එතෙර වෙන්නේ නෑ..

මේ සංසාරෙන්‌ එතෙර වෙන්න බෑ..
මේ සංසාරෙන්‌ එතෙර වෙන්නේ නෑ..
මේ සංසාරෙන්‌ එතෙර වෙන්න බෑ..
මේ සංසාරෙන්‌ එතෙර වෙන්නේ නෑ..

Video thumbnail