දැන දැනත් ලං වුනා Lyrics
දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා
දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා
නොදැක බැරි හීනයෙන් පවා
පෙනෙන්නේ ඇත්තමයි ඔයා
ලියන්නම් ලේ වලින් පවා
දාලා යන්නේ හැබැයි ඔයා
පෑරෙනා වේදනා යටි හිතේ ගොඩ ගසා
මේ තරම් සෙනෙහසින් හුමාලෙට පවා ලං වෙලා
ඇති තරම් වේදනා දරා පෙම් කලෙ මගේ නිසයි ඔයා
ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන්
මමයි ඔබෙ අයිතිකාරයා
ඔබේ වෙලා හැම බවේ
උපදින්න ඇත්නම් මෙසේ
මේ තරම් පිනක් අනේ
හිමි වෙයිද නෑ පව් කලේ
ඇති තරම් වේදනා දරා
පෙම් කලේ මගේ නිසයි ඔයා
ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන්
මමයි ඔබේ අයිතිකාරයා
දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා
දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා
නොදැක බැරි හීනයෙන් පවා
පෙනෙන්නේ ඇත්තමයි ඔයා
ලියන්නම් ලේ වලින් පවා
දාලා යන්නේ හැබැයි ඔයා"