දඟකරනා හා පැංචා Lyrics
දඟකරනා හා පැංචත් මං වගේමලූ
මල් පඳුරේ පිපුණු මලත් මං වගේමලූ
මං වගේම කොවුල් හාමි ගී ගයනවලූ
මම පාඩම් වැඩ හොඳින්
කරන හොඳ ළමයෙක්ලූ //
කුරැළු පැංචා වගේ කියලා තාත්තා කියනවා
දඟමල්ලක් තමයි කියලා අම්මා කියනවා //
ආච්චි සීයා රන් මැණිකක් කියලා කියනවා
මේ හැමෝම ආදරයෙන් මාව රකිනවා //
හිරැ කිරණක් සේ තාත්තා එළිය ගෙනෙනවා
අම්මා මගේ සඳ එළියක් සේ බැබලෙනවා //
මිණි පහනක් වාගේ ගුරැතුමිය ඉන්නවා
මල් උයනකි මගේ පාසල සුවඳ හමනවා //