දඟකාර හීනේ යොවුන්‌ වසන්තේ

Dangakara Heene Yowun Wasanthe

shashika nisansala
දඟකාර හීනේ යොවුන්‌ වසන්තේ Lyrics

දඟකාර හීනේ යොවුන්‌ වසන්තේ
හැඟුමන්‌ මාගේ ඔබයි මවන්නේ
දඟකාර හීනේ යොවුන්‌ වසන්තේ
හැඟුමන්‌ මාගේ ඔබයි මවන්නේ

දෙනෙතේ සරන්නේ උමතුවකින්‌ වාගේ
ආත්මයෙන්‌ ආත්මයේ මං
ඔබමයි පතන්නේ උමතුවකින්‌ වාගේ
ආත්මයෙන්‌ ආත්මයේ මං
ආත්මයෙන්‌ ආත්මයේ මං..

අත්වැල්‌ බැඳන්‌ ඔබ හා ආදරෙන්‌
හැමදාමත්‌ පෙරුම්‌ පිරුවේ මං

අත්වැල්‌ බැඳන්‌ ඔබ හා ආදරෙන්‌
හැමදාමත්‌ පෙරුම්‌ පිරුවේ මං
ජීවිතේ පුරාම තුරුලේ ගයන්න
කාටත්‌ හොරෙන්ම රහසක්‌ කියන්න

දෙනෙතේ සරන්නේ උමතුවකින්‌ වාගේ
ආත්මයෙන්‌ ආත්මයේ මං
ඔබමයි පතන්නේ උමතුවකින්‌ වාගේ
ආත්මයෙන්‌ ආත්මයේ මං
ආත්මයෙන්‌ ආත්මයේ මං..

පියඹා ඔහේ ඔබ හා ආකහේ...
හැමදාමත්‌ පැතුම්‌ පැතුවේ මං

පියඹා ඔහේ ඔබ හා ආකහේ
හැමදාමත්‌ පැතුම්‌ පැතුවේ මං
ජීවිතේ පුරාම තුරුලේ වයන්න
කාටත්‌ හොරෙන්ම රහසක්‌ කියන්න

දෙනෙතේ සරන්නේ උමතුවකින්‌ වාගේ
ආත්මයෙන්‌ ආත්මයේ මං
ඔබමයි පතන්නේ උමතුවකින්‌ වාගේ
ආත්මයෙන්‌ ආත්මයේ මං
ආත්මයෙන්‌ ආත්මයේ මං..

දඟකාර හීනේ යොවුන්‌ වසන්තේ
හැඟුමන්‌ මාගේ ඔබයි මවන්නේ
දඟකාර හීනේ යොවුන්‌ වසන්තේ
හැඟුමන්‌ මාගේ ඔබයි මවන්නේ

දෙනෙතේ සරන්නේ උමතුවකින්‌ වාගේ
ආත්මයෙන්‌ ආත්මයේ මං
ඔබමයි පතන්නේ උමතුවකින්‌ වාගේ
ආත්මයෙන්‌ ආත්මයේ මං
ආත්මයෙන්‌ ආත්මයේ මං...

Video thumbnail