Dangakari man madduma doni

Dangakari man madduma doni

indrani wijebandara
Dangakari man madduma doni Lyrics

දඟකාරී මං.. මද්දුම දෝණී
ඔබට අකීකරු නෑ අම්මේ....
දඟකාරී මං.. මද්දුම දෝණී
ඔබට අකීකරු නෑ අම්මේ....

බක්මී මල වට.. බමරු නටනවා
වරද මලේ සුවඳද අම්මේ..
දඟකාරී මං.. මද්දුම දෝණී
ඔබට අකීකරු නෑ අම්මේ....

යන එන අතරේ.. පාර දෙපැත්තේ
දොරින්‌ දොරට ඇස්‌.. මුමුණනවා..

යන එන අතංරේ.. පාර දෙපැත්තේ
දොරින්‌ දොරට ඇස්‌.. මුමුණනවා..
දිවෙන්‌ දිවට රස.. කතා ගොතද්දී..
කට වට කොට වැට.. බඳින්න දෝ අම්මේ...

දඟකාරී මං.. මද්දුම දෝණී
ඔබට අකීකරු නෑ අම්මේ....

දහසක්‌ වැටකොටු.. තහංචි බැන්දේ
මගෙ හිත රැහැනින්‌.. බඳින්න දෝ..

දහසක්‌ වැටකොටූ.. තහංචි බැන්දේ
මගෙ හිත රැහැනින්‌.. බඳින්න දෝ..
මටම මගේ හිත.. කීකරු නැතිදා..
මුර සෙබළුන්‌ මා.. රකින්න දෝ අම්මේ..

දඟකාරී මං.. මද්දුම දෝණී
ඔබට අකීකරු නෑ අම්මේ..
දඟකාරී මං.. මද්දුම දෝණී
ඔබට අකීකරු නෑ අම්මේ....

බක්මී මල වට.. බමරු නටනවා
වරද මලේ සුවඳද අම්මේ..
දඟකාරී මං.. මද්දුම දෝණී
ඔබට අකීකරු නෑ අම්මේ....

Video thumbnail