දන්සැල් ළඟ පොලිම් වල Lyrics
දන්සැල් ළඟ පොලිම් වල..
සෝපාක ලා..
සතර අවා.. ගිනි නිවෙනා දා..
සුදහ ගින්දරේ..
බලා ඉඳින්නෝ..
දන්සැල් ළඟ පොලිම් වල
සෝපාක ලා..
සතර අවා.. ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ..
බලා ඉඳින්නෝ..
නාවර පෙරෙනා මුහුණින්
කඳුළු මිදුණු ගිජු දෑසින්
දස දහසක් සක්වල වට
අමා වතුර ගලනා දා
පයිප්පයේ දුඹුරු වතුර
බෙලෙක් පිඟානේ පුරවා
මුවින් උරා බොන්නෝ..
සෝපාක ලා..
දන්සැල් ළඟ පොලිම් වල
සෝපාක ලා..
සතර අවා.. ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ..
බලා ඉඳින්නෝ..
පදික වේදිකා නිවසේ
මව් සෙනෙහස විඳ නැතියෝ
සියල් සතට තුන් ලොවටම
අමා මෑණි බිහිවු දා
පුතේ කියා මවක මුවින්
කිරි වදනක් නෑසුවෝ
අදත් ඉඳිති නාඬා..
සෝපාක ලා..
දන්සැල් ළඟ පොලිම් වල
සෝපාක ලා..
සතර අවා.. ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ..
බලා ඉඳින්නෝ..