දෑසම රද්දන හසඟන තාලෙට

Dasama Riddana Hasagana Thaleta

nelu adikari
දෑසම රද්දන හසඟන තාලෙට Lyrics

ටා රීරී රා.. ටා රීරී රා
ටා රීරී රා රේරේ රා..

දෑසම රද්දන හසඟන තාලෙට
පාද නගා ගෙන කවුද හැබෑටම
මේ යන.. රන්‌ ළන්දා..

කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙළනවා..

මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුණු
හිටි පාදෙම
ඔය කී රූ වරුණා..

මා ගැන නම්‌ මේ අහන්න ආසයි
ආයෙම.. මයෙ වරුණා..

මල්‌ පෙති වාගේ පාද රිදේ දෝ
බොරළු පයේ.. ඇනිලා..

මා ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක්‌.. දැනිලා..
ආලේ කුසුමෝ මා හිත පිපිලා
සුවඳ හමනු.. දැනුණා..

දෑසම රද්දන හසඟන තාලෙට
පාද නගා ගෙන කවුද හැබෑටම
මේ යන.. රන්‌ ළන්දා..

මා ගැන නම්‌ මේ අහන්න ආසයි
ආයෙම.. මයෙ වරුණා..

පේරද නාරං බෝවිටියා දං
අපට කඩා දෙයි දෝ..

බුරුතු පිටින්‌ මා වාරේ අවාරේ
නෙළාන දෙන්නම්‌ දෝ...
මේ ගුරු පාරේ මේ නෙතු ආයේ
හෙටත්‌ සිනා සෙයිදෝ..

දෑසම රද්දන හසඟන තාලෙට
පාද නගා ගෙන කවුද හැබෑටම
මේ යන.. රන්‌ ළන්දා..

කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙළනවා..

මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුණු
හිටි පාදෙම
ඔය කී රූ වරුණා..

මා ගැන නම්‌ මේ අහන්න ආසයි
ආයෙම.. මයෙ වරුණා..

ටා රීරී රා.. ටා රීරී රා
ටා රීරී රා රේරේ රා..
ටා රීරී රා.. ටා රීරී රා
ටා රීරී රා රේරේ රා..

ටා රීරී රා.. ටා රීරී රා
ටා රීරී රා රේරේ රා..
ටා රීරී රා.. ටා රීරී රා
ටා රීරී රා රේරේ රා..

Video thumbnail