Dawasak da kakuluwekuta

Dawasak da kakuluwekuta

freddie silva
Dawasak da kakuluwekuta Lyrics

දවසක්‌ දා කකුළුවෙකුට මොනවද හිතිලා
කෙළින්‌ යන්න ටියුෂන්‌ දෙන පංතියකට ගියා...
මාස හයක්‌ පාඩම්‌ වැඩ තැපෑලෙන්‌ කළා...
කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා...

හරි තේජස්‌ මැද කකුළු කොලුවා
කෙළින්‌ ගමන්‌ කලේ
මූ අංග විකල කුකුළුවෙකැයි
සැවොම විහිළු කලේ..

නෑ සියෙ මේක නියම ගමන
තමයි අපේ රැහේ
ඌ කිව්ව නමුත්‌ කවුරුත්‌ නෑ
කෙළින්‌ ගමන්‌ කලේ...

දවසක්‌ දා කකුළුවෙකුට මොනවද හිතිලා
කෙළින්‌ යන්න ටියුෂන්‌ දෙන පංතියකට ගියා...
මාස හයක්‌ පාඩම්‌ වැඩ තැපෑලෙන්‌ කළා...
කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා...

ටික කලක් මෙහෙම කකුළු කොලුවා
කෙළින්‌ ගමන්‌ කලේ...
මූ අංග විකල කුකුළුවෙකැයි
සැවොම විහිළු කලේ..

මේ සැවොම ඇදට යනවා නම්‌
මටත්‌ මොකෝ කියා
සහතිකය ඉරා දමලා ඌත්‌
පරණ ගමන ගියා.....

දවසක්‌ දා කකුළුවෙකුට මොනවද හිතිලා
කෙළින්‌ යන්න ටියුෂන්‌ දෙන පංතියකට ගියා...
මාස හයක්‌ පාඩම්‌ වැඩ තැපෑලෙන්‌ කළා...
කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා...
අනේ.. කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා....
කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා....
අනේ.. කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා...
අනේ.. කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා...
අනේ.. කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා...

Video thumbnail