දෙඅදර විළිකුන්‌ සුරත්‌ පලේ

Deadara Wilikun Surath Pale

milton mallawarachchi
දෙඅදර විළිකුන්‌ සුරත්‌ පලේ Lyrics

දෙඅදර විළිකුන්‌ සුරත්‌ පලේ
පෙම්‌ මදිරා අයැදිමින්‌ සැලේ
සීත මීදුම්‌ සිහින වැල්‌ පැටලේ..

දෙඅදර විළිකුන්‌ සුරත්‌ පලේ
පෙම්‌ මදිරා අයැදිමින්‌ සැලේ
සීත මීදුම්‌ සිහින වැල්‌ පැටලේ..
සීත මීදුම්‌ සිහින වැල්‌ පැටලේ..

මුවරද රොන්සුනු සුවඳ විතේ
මින්දද දවසක ගෙනෙනු ඇතේ
නිලුපුල්‌ නෙත්‌ රත්‌ තඹුරු වෙතේ
කැඳවයි ඔබ තවුතිසා වෙතේ
ජීවිතේ මී බින්දුවක්‌ වාගේ..

දෙඅදර විළිකුන්‌ සුරත්‌ පලේ
පෙම්‌ මදිරා අයැදිමින්‌ සැලේ
සීත මීදුම්‌ සිහින වැල්‌ පැටලේ..
සීත මීදුම්‌ සිහින වැල්‌ පැටලේ..

මධුවිත සැණෙකින්‌ හිස්‌ වෙනවා
දිවි තවළම කතරක යනවා
යෞවන බව හෙට නැතී වෙනවා
කල්‌ බැලු අය හිඳ ළත වෙනවා
ජීවිතේ පිනි බින්දුවක්‌ වාගේ..

දෙඅදර විළිකුන්‌ සුරත්‌ පලේ
පෙම්‌ මදිරා අයැදිමින්‌ සැලේ
සීත මීදුම්‌ සිහින වැල්‌ පැටලේ..

දෙඅදර විළිකුන්‌ සුරත්‌ පලේ
පෙම්‌ මදිරා අයැදිමින්‌ සැලේ
සීත මීදුම්‌ සිහින වැල්‌ පැටලේ..
සීත මීදුම්‌ සිහින වැල්‌ පැටලේ..
සීත මීදුම්‌ සිහින වැල්‌ පැටලේ..
සීත මීදුම්‌ සිහින වැල්‌ පැටලේ...

Video thumbnail