දේදුන්නෙන් එන සමනලුනේ Lyrics
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රැන් රැන් ඇවිදිල්ලා
අපේ ළඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ...
දවසක්දා.. බෝ මළුවේ
හමුවුදා සැටි අපි දෙන්නා
පහනක් දල්වා එකම හිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ
භවෙන් භවේ පෙර ආවාසේ
හවෙන් භවේ මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳි ඉන්නයි පැතුවේ
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රැන් රැන් ඇවිදිල්ලා
අපේ ළඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ...
ආදරයේ.. සුවඳ ලෙනේ
තනිවී උන්නා අපි දෙන්නා
කාන්සියක් හෙම නෑ දැනුණේ
පෙති දිලුනා වන මල් තොරණේ
අප පය පාමුල සතුටු ගඟේ
තාමත් ආදර රැළිති නැඟේ
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කතන්දරේ
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රැන් රැන් ඇවිදිල්ලා
අපේ ළඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ...
දේදුන්නෙන් එන සමනලුනේ...