දෙකොපුල් කඳුළින් තෙමා
තොල් පෙති නළලත තබා
නික්මුණ දා.. හිස සිඹ මා
ළතැවෙමි රෑ තුන් යමේ...
සුහදිනියේ.. (ආ අ අ හා..)
මින් පෙරදි අපි මේ වගේ..
වෙන්වී යන්නට ඇතී
මේ කඳුළු ගංගා ඉමේ.. කොතැනක හෝ..
මගෙ ජීවිතේ ඉකිබිඳී..
ඔබ දෙනෙත් යළි යළි සොයයි
අපි පතා ආවා වගේ.. වෙන්වී යයි..
ඔබ පපුතුරේ මා හිඳි..
මගෙ පපුතුරේ නුඹ හිඳි..
ළං වෙන්න වෙන්නෙ නම් නෑ.. සුහදිනියේ..
දෙකොපුල් කඳුළින් තෙමා
තොල් පෙති නළලත තබා
නික්මුණ දා.. හිස සිඹ මා
ළතැවෙමි රෑ තුන් යමේ...
ආ ආ ආ හ..හ්ම්ම්..හ්ම්..
සුදු සිනිඳු මල් පෙති වගේ..
ගිලිහි යන්නට ඇතී
හමුවීම ප්‍රේමය නොවේ..
වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා ආවා වගේ.. වෙන්වී යයි..
ඔබෙ සිහින වල මා හිඳි..
මගෙ සිහින වල ඔබ හිඳි..
එය පියවී ලෝකය නොවේ.. සුහදිනියේ..
දෙකොපුල් කඳුළින් තෙමා
තොල් පෙති නළලත තබා
නික්මුණ දා.. හිස සිඹ මා
ළතැවෙමි රෑ තුන් යමේ...
සුහදිනියේ.. (හ..අ..අහ්...)