Delum malak wee pembara suwada genawath

Delum malak wee pembara suwada genawath

kingsley peiris
Delum malak wee pembara suwada genawath Lyrics

දෙළුම්‌ මලක්‌ වී පෙම්බර සුවඳ ගෙනාවත්‌...
අහන්‌ ඉන්න නම්‌ බෑ හිත රිදෙන කතාවක්...
හමු වෙන්නැති සංසාරේ දහස්‌ වතාවක්‌..
හසුන්‌ පතක ලියන්න හිත නිවන කතාවක්‌....

වලාකුළක සඳ වී රෑ අහසේ ඉන්න..
බලා හිඳිමි රන්තරු කැට දෝතට ගන්න..
සදාකාලිකව ඇස්‌ දෙක ළඟ නවතින්න..
සුවඳ රෝස මල මට චුට්ටක්‌ ඉඩදෙන්න..

දෙළුම්‌ මලක්‌ වී පෙම්බර සුවඳ ගෙනාවත්‌...
අහන්‌ ඉන්න නම්‌ බෑ හිත රිදෙන කතාවක්...
හමු වෙන්නැති සංසාරේ දහස්‌ වතාවක්‌..
හසුන්‌ පතක ලියන්න හිත නිවන කතාවක්‌....

සිඹින තරම්‌ පා යුග සෙනෙහසට තුරුල්‌ වී..
පිපුණු මලෙන්‌ ආදරයේ සුවඳ ගිලිහුණී..
වඩින්න දේවතාවියේ සිතෙහි ඉඩ ඇතී..
බලන්න රත්තරන්‌ දෑස ඔබටමයි හිමී...

දෙළුම්‌ මලක්‌ වී පෙම්බර සුවඳ ගෙනාවත්‌...
අහන්‌ ඉන්න නම්‌ බෑ හිත රිදෙන කතාවක්...
හමු වෙන්නැති සංසාරේ දහස්‌ වතාවක්‌..
හසුන්‌ පතක ලියන්න හිත නිවන කතාවක්‌....

Video thumbnail