දෙනකොට දෙනවා දෙයියෝ Lyrics
හේ හරි බං කාලේ
වරෙං මචං
මේ උඹටයි වාරේ
අනං මනං
නෑ හඳහං ආයේ
බලන්නෙ නම් නෑ අහපං රාලේ
දිනුම් උබත්
දෙනකොට දෙනව දෙයියො ගෙදර ඇවිත් සුම්මා
ගහපං ගේම දිගට අරං හිතට ගැම්මා
වචනෙන් නෝනා මගේ හිතට හයිය දැම්මා
හරියනකොට කවුරුත් එනව දෙන්න උම්මා
Zero ඉඳන් පටන් ගනින් මචං
Hero උබයි උබේ කතාවේ
Zero උනත් සැලෙන්නෙපා
වැටෙන්නෙපා
Hero වෙලා දිනන්න ආයේ
හිතපං මලේ හොඳට වැඩ කරපල්ලා
වැටුනත් වලේ ආයෙ ගොඩට වරෙල්ලා
වෙහෙසං මොලේ හෙමින් ගේම ගහල්ලා
අද කරුවලේ හෙටම එලිය කරල්ලා
දෙනකොට දෙනව දෙයියො ගෙදර ඇවිත් සුම්මා
ගහපං ගේම දිගට අරං හිතට ගැම්මා
වචනෙන් නෝනා මගේ හිතට හයිය දැම්මා
හරියනකොට කවුරුත් එනව දෙන්න උම්මා
අදට සවිය හෙටට දිරිය ඉතිරි කරල්ලා
දකින දකින සිහින දිනන තැනට වරෙල්ලා
අතහැර බේදේ සමගි වෙයල්ලා
දෙමු සහයෝගේ ලොවම දිනල්ලා