දෙවනි බුදුන් ලෙස ලොවම උවම් කල Lyrics
දෙවනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ළඳ
අම්මා..
අම්මා.. අම්මා..
දෙසවන් සනහා මා නැලවු ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිපගන්නට ඔබ මා ළඟ නැත
අම්මා..
අම්මා.. අම්මා..
ඇසට හඬන්නට කළුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ළඟ නැත
අම්මා..
අම්මා.. අම්මා..
දෙවනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ළඳ
අම්මා..
අම්මා.. අම්මා...