දෙව්දුව පලා ගියාදෝ

Dew Duwa Pala Giyado

milton perera
දෙව්දුව පලා ගියාදෝ Lyrics

දෙව්දුව පලා ගියාදෝ
පුදසුන ගරා වැටේදෝ
හද රන්‌.. දේවාලේ..
හද රන්‌.. දේවාලේ..

මල්‌ පෙති තැලී වැටේදෝ
චන්දන සුගන්දේ යාදෝ
හද රන්‌.. දේවාලේ..
හද රන්‌.. දේවාලේ..

කඳුළැලි වලින්‌ දොවා..ලයි
පුද මේ ගෙනත්‌ තියෙන්නේ
පිරිසිඳු සිතින්‌ සිතා..ලයි
බැනි ගීතිකා ගයන්නේ

හෝ.. හෝ... හෝ...

ගිතෙලෙන්‌ පහන්‌ තබාලා
ඔබෙ  රුව සිතේ අඹාලා
හද රන්‌.. දේවාලේ..
හද රන්‌.. දේවාලේ..

දිගුනෙත්‌ කැලුම්‌ විදාලා
මා දෙස බලා සිනාසී
දුක වේදනා නිවා..ලා
කරතැයි සිතා අහෝසී

හෝ.. හෝ... හෝ...

නොඉඳුල්‌ සිසිල්‌ අමා මී
දෝතට පෙරා ගෙනාමි
ඔබ නෑ.. දේවාලේ
ඔබ නෑ.. දේවාලේ

දෙව්දුව පලා ගියාදෝ
පුදසුන ගරා වැටේදෝ
හද රන්‌.. දේවාලේ..
හද රන්‌.. දේවාලේ...

Video thumbnail