Dewram Wehere Himi Weda Siti Samaye

Dewram Wehere Himi Weda Siti Samaye

victor rathnayake
Dewram Wehere Himi Weda Siti Samaye Lyrics

දෙව්රම්‌ වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ..
මා සිටියා නම්‌..
සමිඳුනි ඔබ පිළිසරණ පතා..
මම එමි භවඳුරු කතර ගෙවා..

සහසක්‌ දොමිනස්‌ දුක්‌ ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්‌
නිවී නිවී යන අරුමය කිමදෝ

දෙව්රම්‌ වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ..
මා සිටියා නම්‌..
සමිඳුනි ඔබ පිළිසරණ පතා..
මම එමි භවඳුරු කතර ගෙවා..

පීවමානවම හිමි දැක ගන්නට
මා නෙත කල පින්‌ මඳ බව වැටහේ
එහෙයින්‌ හිමි අනුරුව අබියස සිට
බවුන්‌ වඩමි මෙත්‌ බුදුන්‌ දකින්නට

දෙව්රම්‌ වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ..
මා සිටියා නම්‌..
සමිඳුනි ඔබ පිළිසරණ පතා..
මම එමි භවඳුරු කතර ගෙවා..

Video thumbnail