දෙයියො ඔයත් මාරයි
මැව්ව ලෝකේ කෲරයි
අපිට දුන්නේ කාලයි
කාටත් පහ මාරයි
මේ ඔයා දුන්න තෑගි ගොඩයි
අනෙක් උන්ට දීපු තෑගි බොහොම ටිකයි
තෑගි දැකලා දුක් වෙන උන් හරිම කැතයි
වටේම ඔයා මට මැව් සතුරු බොමයි
මෙවුන් එක්ක සංගීතෙ කරනු හමාරයි
ඒත් මම ලියාපු කොල සිංදු ගොඩයි
තෑගි ගොඩයි මට හීන හුඟයි
හිත පාරණ ජීවිතේ පාර සැකයි මට
යාළු වෙසක් ගෙන ලංවෙන ජීවිත
මාව මරන්නද පාර කපන්නද
දෙයියෝ ඔයත් මාරයි
To all the real artists struggling for fame
How does it feel to see them sell out your dream
The talents are fading 'cuz we're out here struggling
'cuz they are all trying to get in our plates
(God God)
(Serpents in my way)
සතුට හෙව්වේ මම සංගීතෙ කරන්
වටේ හිටියේ අමු පර හතුරු සත්තු ගොඩන්
නිකට කෑවෙ බෙල්ල උඩින් සිදුරු කරන්
කරට දාන අතත් මෙවුන් හපා කාපි බොලව්
තෑගි ගොඩයි මට හීන හුඟයි
හිත පාරණ ජීවිතේ පාර සැකයි මට
යාළු වෙසක් ගෙන ලංවෙන ජීවිත
මාව මරන්නද පාර කපන්නද
දෙයියෝ ඔයත් මාරයි
To all the real artists struggling for fame
How does it feel to see them sell out your dream
The talents are fading 'cuz we're out here struggling
'cuz they are all trying to get in our plates
සංගීත වේදිකාවේ එක පිම්මට නිළියෝ ගොඩයි
ඉන්ටර්නැෂනල් වයිබ් කියා අගේ කරයි
අහන් ඉන්න බැරි ඒ සින්දු ගොඩයි
අපේ කොල්ලො මියුට් කරන් රීල් බලයි
දෙයියෝ ඔයත් මාරයි
ලාභ බලන් උන් සිංගර්ලා වෙනකොට
සින්දුව බැරි උන් රැපර්ලා වෙනකොට
බලන් ඉන්නෙ මම තෑගි ගොඩත් එක්ක
තෑගි දුන්නේ මට මේව බලන්නද
දෙයියෝ ඔයත් මාරයි
මැව්ව ලෝකේ කෲරයි
දෙයියො ඔයත් මාරයි
මැව්ව ලෝකේ කෲරයි
අපිට දුන්නේ කාලයි
කාටත් පහ මාරයි
දෙයියෝ ඔයත් මාරයි