දිගු දෑස දුටුවාම... හැඟෙනවා පෙර සේම Lyrics
දිගු දෑස දුටුවාම... හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව.. ඔය හිතට අමතකද..
බිඳ දමා මගෙ සිහිනේ.. ඇයිද ඔබ හැංගෙන්නේ..
මට දෙන්න මගෙ සිහිනේ.. ළඟ ඉන්න පෙර වාගේ..
දෑස දුටුවාම.. හැඟෙනවා පෙර සේමු
උන්නු හැටි මගෙ ගාව.. ඔය හිතට අමතකද..
රැ දිවා.. හිත පුරා.. ඇවිල්ලා මේ ගින්න..
තරු පවා.. හඬනවා.. ඔබට නෑ තේරෙන්නේ. .
හිතට හිත.. හිමි නැතිද.. අහනවා හිත මාගේ..
මට දෙන්න මගෙ සිහිනේ.. ළඟ ඉන්න පෙර වාගේ..
දෑස දුටුවාම.. හැඟෙනවා පෙර සේමු
උන්නු හැටි මගෙ ගාව.. ඔය හිතට අමතකද..
පෙර එදා.. හමුවෙලා.. වෙළුණු හැටි මුදු පහසේ..
පෙනෙනවා.. දකිනවා.. නිහඬ රෑ දුර අහසේ..
දුරම මිස.. ළඟ නැතිද.. අහනවා නෙතු මාගේ..
කවදාද ඔබ එන්නේ.. නැතුවාද හමුවන්නේ..
දෑස දුටුවාම.. හැඟෙනවා පෙර සේමු
උන්නු හැටි මගෙ ගාව.. ඔය හිතට අමතකද..
දිගු දෑස දුටුවාම..
නනන නනා.. නනනා..
නන නා.. නා.. නා.. නනා..
නනා...