අම්මා.. පෙව් කිරි කඳුළෙන්
මේ ලොව මෙතරම්.. හැඩවුණේ..
දිළිඳුනේ.. දරුවනේ මගේ. .
පැලෙත් රජ මැදුරේ..
දිළිඳුනේ.. දරුවනේ මගේ. .
පැලෙත් රජ මැදුරේ..
අම්මා.. පෙව් කිරි කඳුළෙන්
මේ ලොව මෙතරම් හැඩවුණේ..
හැඩ වෙවී.. රස පිරී ඉතිරී
ලොවක් නලවන ස්..
අම්මා.. පෙව් කිරි කඳුළෙන්
මේ ලොව මෙතරම් හැඩවුණේ..
කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරි වල
සිරුරේ ලේ වැල් මල් දැරුවා..
ඒ පෙව් කිරි වල පව් අරවන්නට
අම්මේ මදි මම පින් කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා..
දිළිඳුනේ.. දරුවනේ මගේ. .
පැලෙත් රජ මැදුරේ..
අම්මා.. පෙව් කිරි කඳුළෙන්
මේ ලොව මෙතරම් හැඩවුණේ..
හැඩ වෙවී.. රස පිරී ඉතිරී
ලොවක් නලවන සේ..
පුරහඳ පායන පුන් පෝදා
රහසින් රහසින් ඔබ හැඬුවා..
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනෙක ඉඳ
පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා..
දිළිඳුනේ.. දරුවනේ මගේ. .
පැලෙත් රජ මැදුරේ..
දිළිඳුනේ.. දරුවනේ මගේ. .
පැලෙත් රජ මැදුරේ..
අම්මා.. පෙව් කිරි කඳුළෙන්
මේ ලොව මෙතරම් හැඩවුණේ..
හැඩ වෙවී.. රස පිරී ඉතිරී
ලොවක් නලවන සේ..
අම්මා.. පෙව් කිරි කඳුළෙන්
මේ ලොව මෙතරම් හැඩවුණේ...