දියගොඩ හැම තැනැ කිරි  ඉතිරේ

Diyagoda Samathana Kiri Ithire

sunil santha
දියගොඩ හැම තැනැ කිරි  ඉතිරේ Lyrics

දියගොඩ හැම තැනැ කිරි  ඉතිරේ..
ගස්වැල්‌ කිරි මුහුදේ කිමිදේ
මද මුදු සුළඟින්‌ අප නැලැවෙන්නේ
බැබළෙන හඳපානේ..

හඳපානේ.. හඳපානේ..
හඳපානේ.. රෑ යාමේ..

මගෙ පොඩි නංගී කිරි ඉල්ලා..
දෝත නඟා මහා ඉහළ බලා
අම්බිලියෝ කියමින්‌ නැලැවෙන්නේ
බැබළෙන හඳපානේ..

හඳපානේ.. හඳපානේ..
හඳපානේ.. රෑ යාමේ..

දිය මතු පිට කිරි රැල්ල නැඟෙයි..
ඔරුවෙක්‌ තනිවී ඈත පෙනෙයි
හෝ ගා මුහුදේ රැල්ල බිඳෙන්නේ
බැබැළෙන හඳුපානේ..

හඳපානේ.. හඳපානේ..
හඳපානේ.. රෑ යාමේ..

වවුලන්ගේ බකමූුණන්ගේ..
නාදේ ඉඳහිට මටද ඇසේ
අඳුර සොයාලා මුළු ගැන්නෙන්නා
බැබළෙන හඳපානේ..

හඳපානේ.. හඳපානේ..
හඳපානේ.. රෑ යාමේ..

Video thumbnail