දොයි කිය කිය බයි කිය කිය
අම්මා මා හිදි කරා
ඇයි මගේ දූ බයි කමු අපි
හුරතලයෙන් ඇමතුවා...//
මගේ ලගින් ඉදගෙන
කිවූ කතන්දර
හඬා වැටුනි මටත් හොරෙන්
ඇයිද කියන්න
අම්මා මගේ නම් නාඩා ඉන්න
දොයි කිය කිය බයි කිය කිය
අම්මා මා නිදි කරා
ඇයි මගේ දූ බයි කමු අපි
හුරතලයෙන් ඇමතුවා
කැව්ව බත් කටේ
තිබුත ආදරේ
කාගෙවත්ම ලගින් දැනුනේ නෑ මගේ අම්මේ
හාදු දෙන තරම්
මා ලගට අරන්
හිතාගන්න බෑ මට කොච්චරද ආදරේ
අම්මා වගේද මං ඇහුවත් ඇයිද හඬත්තේ
තාත්තා වගෙද මං ඇහුවත් කදුලු සලන්නේ
අම්මා මගේ නම් නාඩා ඉන්න....
දොයි කිය කිය බයි කිය කිය
අම්මා මා නිදි කරා
ඇයි මගේ දූ බයි කමු අපි
හුරතලයෙන් ඇමතුවා
ලොකු උනාම මං
නොඅසා ඉන්නම්
අම්මා ඇඩුවේ ඇයිද කියා
එක දවසක්වත්
නින්ද වැටෙන කල් හිස අතගෑවත්
අම්මා අවදියෙන් ඉන්නේ එළිය වැටෙන කල්
අම්මා අඩද්දී කොහොමදමං හිදියන්නේ
දෝණිට කවදද අම්මා ඇත්ත කියන්නේ
අම්මා මගේ නම් නාඩා ඉන්න....
දොයි කිය කිය බයි කිය කිය
අම්මා මා නිදි කරා
ඇයි මගේ දූ බයි කමු අපි
හුරතලයෙන් ඇමතුවා