දොර කවුළුවෙන්‌.. එබී බලා..

Dora Kauluwen Ebi Bala

malani bulathsinhala
දොර කවුළුවෙන්‌.. එබී බලා.. Lyrics

දොර කවුළුවෙන්‌.. එබී බලා..
කවුරුදෝ.. නුවන්‌ හෙලා..
කවුරුදෝ.. ඔබ කවුරුදෝ..
මන්දහාසයෙන්‌..

දොර කවුළුවෙන්‌.. එබී බලා..
මං මෙසේ.. නුවන්‌ හෙලා..
මලින්‌ මලට.. බමරු රඟන..
මං හිඳිමී බලා..

නගේ මගේ පැලට නුඹේ
සීපද රාවේ..
සවනට මා රැඳුණු සැනින්‌
මේ දුර ආවේ..

මලින්‌ මලට බමරු රඟන
ගුමු ගුමු නාදේ..
සවනට මා රැඳුණු සැනින්‌
මේ දුර ආවේ..

ලබන මහේ අස්වැන්නේ
සතුට දැනෙනවා...
බහක්‌ ලැබෙයි දෝ නුඹගෙන්‌
මහද සැලෙනවා..

පමා වුනේ නුඹ කිමදෝ
මහද සැලෙනවා..
හෙට දිනයේ එහා ගමට
දීගෙක යනවා..

දොර කවුළුවෙන්‌.. එබී බලා..
කවුරුදෝ.. නුවන්‌ හෙලා..
කවුරුදෝ.. ඔබ කවුරුදෝ..
මන්දහාසයෙන්‌..

දොර කවුළුවෙන්‌.. එබී බලා..
මං මෙසේ.. නුවන්‌ හෙලා..
මලින්‌ මලට.. බමරු රඟන..
මං හිඳිමී බලා..

හා හහ හහා හා හහ හා
හා හා හා හහා..
හා හහ හහා හා හහ හා
හා හා හා හහා..
හා හහ හහා හා හහ හා
හා හා හා හහා..

Video thumbnail