දෝතින් අරන් මල් කෙල්ලන් මල් Lyrics
දෝතින් අරන්.. මල් කෙල්ලන් මල්
අපෙන් ගන්න මල්.. කියයි හදවතින්
මල් කෙල්ලේ මං.. ඔබෙ කඳුළ නිවන්නම්
සුදු මල් මිටක් අරන්.. කිර වෙහෙර වඳින්නම්
විලේ පිපුණු මල්.. හරි ලස්සනයි නගේ
ඔබේ හිතේ පිපුණු මල්.. කවුදෝ පර කෙරුවේ
රන් සමනලයින්.. පියඹා මල් අතරේ
රොන් ගත්තද උන්.. ඔබගෙන් හොර රහසේ..
දොතින් අරන්.. මල් කෙල්ලන් මල්
අපෙන් ගන්න මල්.. කියයි හදවතින්
මල් කෙල්ලේ මං.. ඔබෙ කඳුළ නිවන්නම්
සුදු මල් මිටක් අරන්.. කිර වෙහෙර වඳින්නම්
සදා රකින්නම්.. ලස්සන සුදු කෙල්ලේ
සුදු නෙළුම් මලක් වී.. පිපුණොත් හද අරණේ
සුසුමක් වී මා.. හෙමිහිට හොර රහසේ
ඇවිත් රැඳෙන්නම්.. සුදු මල් පෙති අතරේ..
දෝතින් අරන්.. මල් කෙල්ලන් මල්
අපෙන් ගන්න මල්.. කියයි හදවතින්
මල් කෙල්ලේ මං.. ඔබෙ කඳුළ නිවන්නම්
සුදු මල් මිටක් අරන්.. කිර වෙහෙර වඳින්නම්