duhul-malaka-mal-peththaka

Duhul Malaka Mal Peththaka

nirosha virajini
duhul-malaka-mal-peththaka Lyrics

දුහුල්‌ මලෙක මල්‌ පෙත්තක..
එහා මෙහා පෙනෙන පරිදී..
සියුම්ව ලිව්වා වූ මගෙ පෙම්‌ පණිවිඩය..
සමනලයෙක්‌ අනේ එව්වා හම්බ උනාද
බාරගන්න පරිස්සමින්‌ තටු පොඩි නොකර
මගෙ පෙම්‌ පණිවිඩය..

හම්බ උනාදැයි කියලා ලියලා එවන්න
ඔබ වෙනුවෙන්‌ තවදුරටත්‌ ජීවත්‌ චෙන්න..

ඔබට කැමති වු දවසේ..
දැනුණු හැඟුමේ පාට තමයි..
දේදුන්නක්‌ වෙලා
දෑස්‌ වෙත පාත්වුනේ
ඒ සතුටේ සුසුම තමයි නලමුදු සුවඳක්‌ වී
සිත තෙත මාත්තු කලේ..

ඒ බව හැඟෙනව නම් මට කියලා එවන්න
ඒ ඇති මට ඔබ වෙනුවෙන්‌ ජීවත්‌ වෙන්න..

ඔබ නික්මන්‌ කල දවසේ..
උනපු කඳුළෙ තරම තමයි..
පොද වැස්සක්‌ වෙලා
පොළවට පාත්වුනේ
ඒ කඳුළේ බලය නමයි මහවැලි ගඟ මැද්දේ
දිය සුළියක්‌ වුයේ..

ඒ බව දැනුණා නම්‌ මට කියල එවන්න
ඒ ටික ඇති තවදුරටත්‌ ජීවත්‌ වෙන්න..

දුහුල්‌ මලෙක මල්‌ පෙත්තක..
එහා මෙහා පෙනෙන පරිදී..
සියුම්ව ලිව්වා වූ මගෙ පෙම්‌ පණිවිඩය..
සමනලයෙක්‌ අනේ එව්වා හම්බ උනාද
බාරගන්න පරිස්සමින්‌ තටු පොඩි නොකර
මගෙ පෙම්‌ පණිවිඩය..

හම්බ උනාදැයි කියලා ලියලා එවන්න
ඔබ වෙනුවෙන්‌ තවදුරටත්‌ ජීවත්‌ වෙන්න.....

Video thumbnail