දුහුල් සළුව Lyrics
උතුරු සළුව නුඹට අකැප පුන්සඳ එලියේ
දුහුල් සළුව ගිමන නිවයි හති ලන ලමැදේ
ලයට යටින් හිත හඬනා දහස් වාරයේ
ගිණි අරගෙන ගිණි නිව්වේ නුඹද සොයුරියේ
අඟන බඹරු මත් වී එන අඳුරු මැදියමේ
විලක කඳුලු මල් පිපෙනවා හීන මන්දිරේ
අහස ගුගුරුවා වහිනා ගිණි කාශ්ටකේ
පාට පාට දේදුනු එලි සියොලඟ ඇවිලේ
සැදැහැ ගතින් කුමාරයෝ සළු පිළි වරලා
පසුකර යති රෙදි කඩ මළු නුඹ ලඟ තියලා
හිත අසරණ නෙත තනියම ඉකි බිඳ හඬනා
හඬ ඇසෙනා කිසිවෙකු නෑ දොරගුළු ඇරලා.