දුක දන්නේ වෙන කවුද ඇස්‌ දෙක තරම්

Duka Danne Wena Kauda As Deka Tharam

roshan fernando
දුක දන්නේ වෙන කවුද ඇස්‌ දෙක තරම් Lyrics

දුක දන්නේ වෙන කවුද ඇස්‌ දෙක තරම්
මම උන්නේ ඔබෙ වෙන්න අත්‌ දෙක අරන්‌
එනමුත්‌ අපේ.. කරුමෙකින්‌ කල තවත්‌
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්‌
දුක දන්නේ වෙන කවුද ඇස්‌ දෙක තරම්

හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්‌

හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්‌
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්‌
දුක දන්නේ වෙන කවුද ඇස්‌ දෙක තරම්

ගනඳුරට පෙම්‌ බඳින තරු යායට
මල්‌ යාය විකසිත වෙලා කුමකට

ගනඳුරට පෙම්‌ බඳින තරු යායට
මල්‌ යාය විකසිත වෙලා කුමකට
මං ආයේ හිනැහෙන්න උර මඩලට
ළං වෙන්නේ නෑ කඳුළු පූජා කර

දුක දන්නේ වෙන කවුද ඇස්‌ දෙක තරම්
මම උන්නේ ඔබෙ වෙන්න අත්‌ දෙක අරන්‌
එනමුත්‌ අපේ.. කරුමෙකින්‌ කල තවත්‌
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්‌
දුක දන්නේ වෙන කවුද ඇස්‌ දෙක තරම්...

Video thumbnail