දුක වැඩි නෙතේ.. කඳුළැලි පිරේ..

Duka Wadi Nethe Kandulali Pire

ruwan hettiarachchi
දුක වැඩි නෙතේ.. කඳුළැලි පිරේ.. Lyrics

දුක වැඩි නෙතේ.. කඳුළැලි පිරේ..
ඔබ නැති මොහොතේ..
සැනසුම මගේ.. ඔබ ගෙන ගියේ..
ඇයි හොර රහසේ..
කවදාවත්‌ නෑ.. අපි හමුවන්නේ. .
මට යන්නට බෑ.. මතකෙන්‌ ඔබගේ. .

දිවිය මගේ.. තිබෙන තුරා
පෙම්‌ කෙරුවේ.. ඔබට තමා

දිවිය මගේ.. තිබෙන තුරා
පෙම්‌ කෙරුවේ.. ඔබට තමා
යන්තම්‌ වත්‌ සෙනෙහේ.. නැතිවද දැනුණේ..
තවමත්‌ මතකයි..
දිවුරා මගෙ බව කීවා.. දිවුරා මගෙ බව කීවා

පියවි ලොවේ.. ඉන්න සදා
හුරු කෙරුවේ.. ඔබම තමා

පියවි ලොවේ.. ඉන්න සදා
හුරු කෙරුවේ.. ඔබම තමා
සත්තයි රත්තරනේ.. ඔබ ගිය දිනයේ..
හිතකින්‌ වත්‌ නෑ..
ඔබ හට සරදම්‌ කරලා.. ඔබ හට සරදම්‌ කරලා

දුක වැඩි නෙතේ.. කඳුළැලි පිරේ..
ඔබ නැති මොහොතේ..
සැනසුම මගේ.. ඔබ ගෙන ගියේ..
ඇයි හොර රහසේ..
කවදාවත්‌ නෑ.. අපි හමුවන්නේ. .
මට යන්නට බෑ.. මතකෙන්‌ ඔබගේ. .
මට යන්නට බෑ.. මතකෙන්‌ ඔබගේ...

Video thumbnail