දුකම විඳලා.. ඔයා හින්දා
තවම නැහැ මං.. සතුට ලබලා
සිතම රිදවා.. ගියා කියලා
ඔබට නැහැ මං.. වෛර කරලා
කලබල වෙලා.. පුංචි දේටත්
රණ්ඩු සරුවල්.. නොකර පෙරදා
අපි හිටියා නම්.. තේරුම් අරන්
අදටත් මගේ.. විතරයි ඔයා..
මතක අතරින්.. පෙනෙනවා..
ඔබ ගියපු දුර දමා..
එවිට කඳුළක්.. වැටුණේ දෙනෙතින්
ඉන්න බැරි තැන ඉවසා..
කලබල වෙලා.. පුංචි දේටත්
රණ්ඩු සරුවල්.. නොකර පෙරදා
අපි හිටියා නම්.. තේරුම් අරන්
අදටත් මගේ.. විතරයි ඔයා..
තවම එලෙසින්.. තියෙනවා..
ඔබට ගැති සිත සදා..
දිනෙක නැවතත්.. එන්න හැකිනම්
මගේ සෙවණට පියඹා..
කලබල වෙලා.. පුංචි දේටත්
රණ්ඩු සරුවල්.. නොකර පෙරදා
අපි හිටියා නම්.. තේරුම් අරන්
අදටත් මගේ.. විතරයි ඔයා..
දුකම විඳලා.. ඔයා හින්දා
තවම නැහැ මං.. සතුට ලබලා
සිතම රිදවා.. ගියා කියලා
ඔබට නැහැ මං.. වෛර කරලා
කලබල වෙලා.. පුංචි දේටත්
රණ්ඩු සරුවල්.. නොකර පෙරදා
අපි හිටියා නම්.. තේරුම් අරන්
අදටත් මගේ.. විතරයි ඔයා..