දුන්නු වේදනා.. මේ නෙතින්‌ උතුරලා..

Dunnu Wedana Me Nethin Uthurala

nirosha virajini
දුන්නු වේදනා.. මේ නෙතින්‌ උතුරලා.. Lyrics

දුන්නු වේදනා.. මේ නෙතින්‌ උතුරලා..
මතක රැස්‌ වෙලා.. හිත අයාලේ ගියා..
හිතන්නේම නෑ.. ඔබ මගේ නොවෙ කියා..
ජීවිතේම දැන්‌ මාගේ හීනයක්‌ වෙලා..

කෙටි කාලයකින්‌ හමුවී..
මගෙ ජීවිතයට පැමිණී..
ලස්සනම සිහිනෙකි.. ඔයා..
ලස්සනම සිහිනෙකි.. ඔයා..

මේ සීත වස්සානේ
පාළුව දවන්නේ
තනිකමයි හදවත සරසන්නේ..
මේ අන්ධ හිත්‌ මානේ
මතකය තැවෙන්නේ
සෝ සංකා හිරිහැර කරන්නේ. .

කෙටි කාලයකින්‌ හමුවී..
මගෙ ජීවිතයට පැමිණී..
ලස්සනම සිහිනෙකි.. ඔයා..
ලස්සනම සිහිනෙකි.. ඔයා..

සඳ නේන රෑ යාමේ
සසලව හිඳින්නේ
කළුවරයි දසතින්‌ හමන්නේ..
වැටෙන හුස්මක්‌ ගානේ
ඔබවමයි සිහිවන්නේ
ඔබ කොහේදෝ හිඳින්නේ..

කෙටි කාලයකින්‌ හමුවී..
මගෙ ජීවිතයට පැමිණී..
ලස්සනම සිහිනෙකි.. ඔයා..
ලස්සනම සිහිනෙකි.. ඔයා..

දුන්නු වේදනා.. මේ නෙතින්‌ උතුරලා..
මතක රැස්‌ වෙලා.. හිත අයාලේ ගියා..
හිතන්නේම නෑ.. ඔබ මගේ නොවෙ කියා..
ජීවිතේම දැන්‌ මාගේ හීනයක්‌ වෙලා..

කෙටි කාලයකින්‌ හමුවී..
මගෙ ජීවිතයට පැමිණී...
ලස්සනම සිහිනෙකි.. ඔයා..
ලස්සනම සිහිනෙකි.. ඔයා...

Video thumbnail