දුනුකෙයියා මලක් වගේ.. දුරට පෙනෙනවා.. Lyrics
දුනුකෙයියා මලක් වගේ.. දුරට පෙනෙනවා..
වැටකෙයියා මලක් වගේ.. සුවඳ දැනෙනවා..
පසළොස්වක සඳ වාගේ.. එළිය ගෙනෙනවා..
මගෙ අම්මා මට ජීවන.. සුවය සදනවා..
සංසාරෙන්.. සංසාරෙට.. එකට ආ බැඳි..
කෙනෙක් නොමැත.. දරුවෙකු හට.. මවක් සේ ලැදී..
අම්මා යන.. සමාධියට.. සිටිමි සමවැදී..
ඔබෙ ගුණ කීමට.. හෝඩියේ.. අකුරු මට මදී..
දුනුකෙයියා මලක් වගේ.. දුරට පෙනෙනවා..
වැටකෙයියා මලක් වගේ.. සුවඳ දැනෙනවා..
සිව් බුදුවරු .. දුටු ලෙස එක.. දිනයෙක පිමිමේ..
ඔබ දුටුවම.. මගෙ දුක් ගිනි.. නිවෙනවා අම්මේ..
සක්විති රජවරුනගේ දණ.. ඔබ ළඟ නැම්මේ..
සිරි මහ බෝ මුල මතු දින.. බුදු වෙනු අම්මේ..
සිරි මහ බෝ මුල මතු දින.. බුදු වෙනු අම්මේ..
සිරි මහ බෝ මුල මතු දින.. බුදු වෙනු අම්මේ...