දුර කඳු යාය මටයි Lyrics
දුර කඳු යාය මටයි- නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි
දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි
බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
මලකට සිත් පීඩා නෑ.....
ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
කිසි බඹරෙකු හැඬුවෙ නෑ.....
වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා
වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා
කතරට සයුරක් මදි නෑ.....
නිදි නැති පාළු රැයේ
නුඹ ගැන සිහි කරන තුරා
නිදි නැති පාළු රැයේ
නුඹ ගැන සිහි කරන තුරා
මගෙ හිතටත් නිවනක් නෑ.....