Durakathanayakin mama oba amathami Lyrics
දුරකථනයකින්.. මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා
මගෙ හිත හඳුනන.. ඔබ පිළිගත්තද
ඇතැමුන් කියන මුසා...
සයුරට රළ මෙන්.. වෙරළට රැළී මෙන්
අප බැඳිලා උන්නේ....
තොටුපල හැරයන..මගෙ මුල් ගීතයේ
ඔබ ඇදිලා යන්නේ....
මට තව මතකයි.. මගෙ මුල් ගීතයේ
තනුව කියා දුන්නා
යන තැන නිරතුරු...පහනක් අරගෙන...
පසුපස පයමැන්නා
ඔබමයි ආවේ.. ඔබමයි යන්නේ
මා එතනම එහෙමයි
නිදුකින් ඉනු මැන.. ඔබ සතුටින් නම්
මගෙ සතුටද එයමයි
දුරකථනයකින්.. මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා...
මගෙ හිත හඳුනන.. ඔබ පිළිගත්තද
ඇතැමුන් කියන මුසා.....