දුටු දා ඉඳලා ලුහු බැන්දා.. Lyrics
ඕ ඔ ඔ ඕ.. දුටු දා ඉඳලා ලුහු බැන්දා..
දන්නවාද මම පෙම් බැන්දා
ඕ ඔ ඔ ඕ.. රහසේ බැඳි පෙම් හෙළි වූදා..
පෙම් සැපේට වේදෝ බාධා
බාධක අවහිර හිරිහැර නොමැතී
ආලය රස නැත සීදේවී..
බෑ හරවන්නට පෙම් ගඟ නම්..
ඕඔඔඕ.. ඕඔඔඕ..
ඕ ඔ ඔ ඕ.. දුටු දා ඉඳලා ලුහු බැන්දා..
මට දැන් තනි නැහැ මේ ලෝකේ
දෙනු මැන ඔබගේ ආලෝකේ..
නොදැනේ ඔබ ළඟ දුක සෝකේ..
හ්ම්.. හ්ම්.. හ්ම්.. හ්ම්...
ඕ ඔ ඔ ඕ.. රහසේ බැඳි පෙම් හෙළි වූදා..
අනගි සුරබිදෙන සිතු දේ සාදන
නැළවේ මධුරිය ඔබ සිටිනා තැන..
අද ඉඳලා කිරී ඉතිරේවී..
ඕඔඔඕ.. ඕඔඔඕ . .
ඕ ඔ ඔ ඕ.. දුටු දා ඉඳලා ලුහු බැන්දා..
ඔසවන අඩියක් අඩියක් පාසා
ඔබගේ දියුණුව සැලසේවා..
ප්‍රේම ප්‍රදීපය බැබළේවා..
හ්ම්. හ්ම්.. හ්ම්.. හ්ම්.
ඕ ඔ ඔ ඕ.. රහසේ බැඳි පෙම් හෙළි වූදා..
පෙම් සැපේට වේදෝ බාධා
ඕ ඔ ඔ ඕ.. දුටු දා ඉඳලා ලුහු බැන්දා..
දන්නවාද මම පෙම් බැන්දා