දුව මා වගේ Lyrics
දුව මා වගේ.. නේද නෑ අම්මා වාගේ
දඟකාර දූ කාගෙදෝ..
දුව මාගේ දෝ.. අම්මගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගෙදෝ..
පාසල් නොයන්නේ.. වස කම්මැලීනේ..
කළු පාට දූ කාගෙදෝ..
කළු නෑ සුදුයිනේ.. හරි ලස්සනයිනේ..
මගේ පුංචි දෝණී මා වගේ..
දුව මා වගේ.. නේද නෑ අම්මා වාගේ
දඟකාර දූ කාගෙදෝ..
දුව මාගේ දෝ.. අම්මගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගෙදෝ..
සෙල්ලම් කරන්නයි.. තව සණ්ඩු වෙන්නයි..
පොඩි මල්ලියෙක් ඕනෙදෝ..
දූ මා වගේලු.. මා දූ වගේලු..
දෙන්නට දෙන්නා යාළුවෝ..
දුව මා වගේ.. නේද නෑ අම්මා වාගේ
දඟකාර දූ කාගෙදෝ..
දුව මාගේ දෝ.. අම්මගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගෙදෝ...