ඒ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
ඒ රන්කඳ පෙම් හඬ රැව් දිදී
ඒ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
ඒ රන්කඳ පෙම් හඬ රැව් දිදී
ඒ රන් රන් රන් රන් රන්කඳ..
ඔබට ලස්සන කුමාරියේ
පෙමට මා හද ඇරී තියේ
ඔබද මගෙ මල්සරා..
නොකී රහසක් කියන්නදෝ
රුවට රුව හද ඇදී නියේ
දෙහද සදහට බැඳී ගියේ
එන්න බඹරෙකු වෙලා..
පිපී ඉන්නම් මලක් වෙලා
ඒ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
ඒ රන්කඳ පෙම් හඬ රැව් දිදී
ඒ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
ඒ රන්කඳ පෙම් හඬ රැව් දිදී
ඒ රන් රන් රන් රන් රන්කඳ..
තුරුලු වෙන්නට ඔබේ ළයේ
අමුතු කිතියක් පෙමින් වැයේ
දැවෙන පවසට මගේ..
සැලෙන ආදර හැඟුම් නැගේ
දෑස අඩවන් විලාසයේ
ඇයිද තොල්පෙති සැලී ගියේ
යොවුන් දෙවඟන නුරා..
එන්න මත්වී කිරිල්ලියේ
ඒ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
ඒ රන්කඳ පෙම් හඬ රැව් දිදී
ඒ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
ඒ රන්කඳ පෙම් හඬ රැව් දිදී
ඒ රන් රන් රන් රන් රන්කඳ..