එබිකම් කරාලා

Ebikam Karala


එබිකම් කරාලා Lyrics

එබිකම් කරාලා ඔබ රහසින් මා දිහා
ඉගියෙන් කියූ පෙම් කතා
රැකගන්නවා මා මේ දෑස මෙන් සෑමදා
මගේ ජීවිතේ ඇති තුරා...
පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී
ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී....
ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා
ඔය දෑත ලැබුවොත් මෙමා
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා
වචනෙන් නොකීවත් සදා....

ආදර මගේ පැවසූ මුල් දිනේ
ඔබේ සුදු මුහුන රතු පැහැ කරන් කලබලේ
හීසර වගේ හිත පාරනු ඔබේ
වදනින් පසු බහින්නෑ ළදේ කිසිදිනේ......
පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී
ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී....
ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා
ඔය දෑත ලැබුවොත් මෙමා
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා
වචනෙන් නොකීවත් සදා....

හීනෙන් වගේ සතුටින් හිත මයේ
ගැයු ගී මියැසියට සමවෙලා තුන් පැයේ
ජීවිතේ ඔබේ මට හිමි වෙන දිනේ
වැඩි ඈතක නොවෙයි කියලා දැනුණා ඉබේ....
පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී
ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී....
ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා
ඔය දෑත ලැබුවොත් මෙමා
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා
වචනෙන් නොකීවත් සදා..

Video thumbnail