එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුලු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැනුණේ නැහැ මට වෙනසක්
පෙනුනේ මට ඔබේ දෙනෙත් වල ලියවුණු පොඩි රහසක්
සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද
ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන් පාවුණාද
අක්කා අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද
දෙනෙත් වලින් මා පැවසු රහස ඔබට වැටහුණාද
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුලු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැනුණේ නැහැ මට ඉවනසක්
පෙනුනේ මට ඔබේ දෙනෙත් වල ලියවුණු පොඩි රහසක්
මුවච කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුනාද
මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුමි සුසුමක් ගියාද
හෙට හවසත් මා එනතුරු මග බලමින් ඉන්නවාද
සැණකෙලියේ අපේ පැතුම් ඉතිරි පැතිරි ගියාද
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුලු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැනුණේ නැහැ මට වෙනසක්
පෙනුනේ මට ඔබේ දෙනෙත් වල ලියවුණු පොඩි රහසක්