එක මොහොතක්‌ ඔබ සෙවණේ හිඳින්නට තරම්‌..

Eka Mohothak Oba Sewane

mervin perera
එක මොහොතක්‌ ඔබ සෙවණේ හිඳින්නට තරම්‌.. Lyrics

එක මොහොතක්‌ ඔබ සෙවණේ හිඳින්නට තරම්‌..
කල්පයකින්‌ අසුරු සැණක්‌ පමණ නැත වරම්..
එක මොහොතක්‌ ඔබ සෙවණේ හිඳින්නට තරම්‌..
කල්පයකින්‌ අසුරු සැණක්‌ පමණ නැත වරම්..

කඳු ගිරිහෙල්‌ රළ බොරලන පියමග මනිමි..
අහසයි පොළොවයි එක්වන දවසක්‌ ගනිමි..

කඳු ගිරිහෙල්‌ රළ බොරලන පියමග මනිමි..
අහසයි පොළොවයි එක්වන දවසක්‌ ගනිමි..

මල්‌ පොකුරකි එක නටුවකි ඒ බව සැබව්..
මල්‌ පොකුරකි එක නටුවකි ඒ බව සැබව්..
එක හිත ගැන සිත්‌ දෙකකින්‌ නොසිතනු මැනවි..

එක මොහොතක්‌ ඔබ සෙවණේ හිඳින්නට තරම්‌..
කල්පයකින්‌ අසුරු සැණක්‌ පමණ නැත වරම්..
එක මොහොතක්‌ ඔබ සෙවණේ හිඳින්නට තරම්‌...
කල්පයකින්‌ අසුරු සැණක්‌ පමණ නැත වරම්..

පිළිවෙලකට නැති ලෙස තරු අහසෙහි අතුරා..
සඳ පමණක්‌ සළුපිලි ඇඳ එහි වත සපුරා..

පිළිවෙලකට නැති ලෙස තරු අහසෙහි අතුරා..
සඳ පමණක්‌ සළුපිලි ඇඳ එහි වත සපුරා..

මග සළකුණු දක්වා හිනැහෙන එළි පතුරා..
මග සළකුණු දක්වා හිනැහෙන එළි පතුරා..
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා..

එක මොහොතක්‌ ඔබ සෙවණේ හිඳින්නට තරම්‌..
කල්පයකින්‌ අසුරු සැණක්‌ පමණ නැත වරම්..
එක මොහොතක්‌ ඔබ සෙවණේ හිඳින්නට තරම්‌..
කල්පයකින්‌ අසුරු සැණක්‌ පමණ නැත වරම්...

Video thumbnail