Eka natuwaka mal pokurak

Eka natuwaka mal pokurak

harshana dissanayake
Eka natuwaka mal pokurak Lyrics

එක නටුවක මල්‌ පොකුරක්‌
පිපුණා වාගේ..
අර බලන්න අපේ පැටව්‌
හිනැහෙන තාලේ..

පළඳා ගෙන හිත පුරාම
එකමුතු මාලේ..
ඔය තරමට සතුටක්‌ වෙන
කොයින්ද බාලේ..

එක නටුවක මල්‌ පොකුරක්‌
පිපුණා වාගේ..
අර බලන්න අපේ පැටව්‌
හිනැහෙන තාලේ..

පළඳා ගෙන හිත පුරාම
එකමුතු මාලේ..
ඔය තරමට සතුටක්‌ වෙන
කොයින්ද බාලේ..

තාම සිඟිති හිනා කැකුලු
පෙති විහිදා පිපෙන දාට
අපේ කඳුළු වුණත්‌ නිවෙයි
ඒ මල්‌ වල සුවඳ පොදට

තාම සිඟිති හිනා කැකුලු
පෙති විහිදා පිපෙන දාට
අපේ කඳුළු වුණත්‌ නිවෙයි
ඒ මල්‌ වල සුවඳ පොදට

මිහිර විහඟ කූජනයට
තාල තියන සිඟිති තොලට
ලොව සනහන ගී උපදි
ඒ සතුටම මදිද අපිට

මිහිර විහඟ කූජනයට
තාල තියන සිඟිති තොලට
ලොව සනහන ගී උපදි
ඒ සතුටම මදිද අපිට

වසන්තයට මල්‌ පළඳන
එරබදු වැට සිරියාවයි
වාරම් කවි සීපද මැද
අපේ පැටව්‌ සතුට නෙළයි

වසන්තයට මල්‌ පළඳන
එරබදු වැට සිරියාවයි
වාරම් කවි සීපද මැද
අපේ පැටව්‌ සතුට නෙළයි

එක නටුවක මල්‌ පොකුරක්‌
පිපුණා වාගේ..
අර බලන්න අපේ පැටව්‌
හිනැහෙන තාලේ..

පළඳාගෙන හිත පුරාම
එකමුතු මාලේ..
ඔය තරමට සතුටක්‌ වෙන
කොයින්ද බාලේ...

Video thumbnail