එක සිත දෙතැනක නතර වෙලා

Eka Sitha Dethanaka Nathara Wela

t m jayarathna
එක සිත දෙතැනක නතර වෙලා Lyrics

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි.. මගේ සිතයි
දෙසිතම එකම සිතක්‌ වී..
ඔබේ ළඟයි.. මගේ ළඟයි
ඒ සිත දෙතැනක නතර වෙලා

ලසෝ තැවුල්‌ මැද ඔබ සැලෙනා විට
මගේ නෙතද වැළපේ..
සිනා තෙපුල්‌ මැද ඔබ සැනසෙන සඳ
මගේ සිතද සැනසේ..

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි.. මගේ සිතයි
දෙසිතම එකම සිතක්‌ වී..
ඔබේ ළඟයි.. මගේ ළඟයි
ඒ සිත දෙතැනක නතර වෙලා

ඔබේ පැතුම මා පතනා ලොවමයි
අපේ සිතුම්‌ සම වේ..
ඔබේ මගේ යයි වෙනසක්‌ නොහැඟෙයි
ඔබම යළිදු මම වේ..

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි.. මගේ සිතයි
දෙසිතම එකම සිතක්‌ වී..
ඔබේ ළඟයි.. මගේ ළඟයි
ඒ සිත දෙතැනක නතර වෙලා

Video thumbnail