Eka wasanthayaka eka rathriyaka Lyrics
එක වසන්තයක....
එක රාත්‍රියක...
දැනුණා මතකයි.....
මට ඉබේම වාගේ....
ඔබෙ සුවඳ....
එක හුස්මක්වත්
ගන්නට ඉඩ නැති තරමට
දැනුණා.. විතරක්
මතකයි..
හද ලුහුබැඳ ඉව කරනා..
පෙර සසරක සුපුරුදු සුවඳ..
ඒ ඔබේ නොවෙද..
එනමුදු ඒ ඔබමද..
ඔබමද ඒ සොඳුර..
මේ වසන්තයෙදි
හමුවන සුළඟ සමග
සසැඳී පෑහෙන්නට
හිතයි මට..
ඔබේ සුවඳ සමග මුසුවනු පිණිස
මගෙ සුසුමක්.. තියන්නද..
සිහිවනු පිණිස.. සොඳුර.....
මේ වසන්තයම
ගතවී යන්නට පෙර..
තුරුලේ.. ඇහිරෙන්නට.. පතමි මම..
ඔබෙ සිතැඟි වලට මුසුවනු පිණිස
මගෙ හැඟුමක්.. තියන්නද..
ගිවිසනු පිණිස.. සොඳුර......
එක වසන්තයක...
එක රාත්‍රියක....
දැනුණා මතකයි.....
මට ඉබේම වාගේ..
ඔබෙ සුවඳ..
එක හුස්මක්වත්
ගන්නට ඉඩ නැති තරමට
දැනුණා.. විතරක්
මතකයි.....