එන්නකො ඩිංගක් ඩිංගක්

Enna Ko Dingak Dingak 


එන්නකො ඩිංගක් ඩිංගක් Lyrics

ඈ සුර ලොව ගිහින් ගෙනා
හිරු කුමරියයි ඔයා
ඔය රුවට නෑනෙ උපමා උපමා
මා හද පතුලෙ නැවතිලා
හිත අල්ලාවී කිතිකවා
හද මගේ පෙමින් වෙන්න සරසාලා

එන්නකො ඩිංගක් ඩිංගක්
ගන්නට මගෙ අත පොඩ්ඩක්
ගස්සලා ඔය ලැම චුට්ටක්
ඔබ මගෙ වෙන්න හිතාලා
සැර වැඩි චුට්ටක් චුට්ටක්
දැක්කම හිත යයි කාටත්
හඩරුව සුකුමල පාටක්
පිළිරුව වගෙ ඔපදාලා

පැතුමන් හිතේ මැවී දෝරෙ ගලා ගලන්නේ
ඔය රුව නිතර වෙලේ මට මැවිලා පෙනෙන්නේ
ආදරෙ හින්ද තමයි මේ හිත වද කරන්නෙ
ඔබ මට ඕනෙ ඕනෙ කියලයි හිත කියන්නේ

ඒ චූටී උඹේ දැඟලිල්ල දැකලා හති
ගිනි දවාලේ වලක වැටී
මට සිහිවෙන්නෙ මටම ගැලපෙන්නේ මැව්වා වූ උන්මාද චිත්‍රාව
ගැස්සෙන පස්සම සලා උඹ යද්දි හින්දා ලිස්සා ගියා
මම ප්‍රේම විකාරෙක නිසා අපි දෙන්නා ජෝඩු දාලා රඟමු ජවනිකා

ඈ සුර ලොව ගිහින් ගෙනා
හිරු කුමරියයි ඔයා
ඔය රුවට නෑනෙ උපමා උපමා
මා හද පතුලෙ නැදවතිලා
හිත අල්ලාවී කිතිකවා
හද මගේ පෙමින් වෙන්න සරසාලා

එන්නකො ඩිංගක් ඩිංගක්
ගන්නට මගෙ අත පොඩ්ඩක්
ගස්සලා ඔය ලැම චුට්ටක්
ඔබ මගෙ වෙන්න හිතාලා
සැර වැඩි චුට්ටක් චුට්ටක්
දැක්කම හිත යයි කාටත්
හඩරුව සුකුමල පාටක්
පිළිරුව වගෙ ඔපදාලා

Video thumbnail